කෑගල්ලේ කොවිඩ් පොකුරක්, අයෙක් මරුට

කෑගල්ල අටුගොඩ ගෝලින්ද වත්තේ අංක 3 කොටසේ පදිංචි අයෙකු අද මියගොස් ඇති අතර පසුව හෙළිවී ඇත්තේ ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙක් බවය.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එම ප්‍රදේශයේ රැපිඩ් ප්‍රතිදේහජනක පරීක්ෂණ 20ක් කර ඇති අතර ඉන් 08 දෙනෙකු ආසාදිත බවට තහවුරු විය.

තවත් 56 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කළ බව අප වාර්තාකරු පැවසීය.

ආසාදිත බවට තහවුරු වූ 8දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද වෙයි.

ආසාදිත බවට හඳුනාගත් පිරිස රඹුක්කන අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යවනු ලැබීය.

එම වත්තෙ පදිංචි අයට ඉන් පිටවීම හෝ වත්තට පිටින් ඇතුළුවීම සෞඛ්‍ය අංශ මගින් නවතා දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *