කැනඩාවේ මුල්ලිවයික්කාල් ස්මාරකය නමින් කොටි ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර ඇත.
කැනඩාවේ බ‍්‍රැම්ස්ටන් මහ නගර සභාව මෙම තීරණය ගෙන ඇති අතර, මේ බව නගරාධිපති පැට්රික් බ‍්‍රවන් හෙළිකර තිබේ. මෙම ස්මාරකය ඉදිකිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මාටින් මෙඩයිරොස් නමැති නාගරික මන්ත‍්‍රීවරයා විසින් වන අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.
කෙසේ වෙතත් කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ ආරංචිමාර්ග පවසන්නේ එයට කැනඩා රජයේ සම්බන්ධතාවක් නැති බවයි.
බ‍්‍රැම්ස්ටන් නගර සභාව යනු මෙරට ද්‍රවිඩ ජාතිකයන් හැත්තෑපන්දහසක් සමූල ඝාතනය වූ බවට පිළිගෙන ඇති මහ නගර සභාවකි.