ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට රටින් පිටවීම වළක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා.

මෙම සංචාරක තහනම මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *