කන්දකාඩු සිට හබරාදූවේ නිවසට ගිය උපදේශකවරයෙකුට කොවිඩ් ආසාධනය වේ

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරීම සිදුකරනු ලබන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම ඔහු IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බවත්, ඔහුගේ නිවසේ සිටි මව සහ බිරිඳ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම උපදේශකවරයා ජිවත්වන නිවස අසළ නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවටයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදිත උපදේශකවරයා ගේ බිරිඳ ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් බවත්, ඇය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බැවින් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇය සමීපව ආශ්‍රය කළ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *