එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 234ක් මෙරටට

එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-504 දරණ විශේෂ ගුවන් යානය අද (11 ) ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළට උදෑසන 8:45ට පමණ පැමිණ තිබේ.

මෙම පිරිස අතර එංගලන්තයේ උසස් අධ්‍යාපනය කටයුතු සදහා ගොස් සිටි අය මෙන්ම, විවිධ වෘත්තීන් හි නියැලී සිටි අයද වේ.

කටුනායක ගුවන් තොටුපළට පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ තුළ පිහිටි නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *