රාජාංගනයේ පදිංචි කන්දකාඩු උපදේශකවරයෙකුට හා පුතුන් දෙදෙනාටත් කොරෝනා

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකුට හා ඔහුගේ දරුවන් දෙදෙනාට කොවිඩ් -19 ආසානය වි ඇති බවට තහවුරු වී තිබේ. අදාළ උපදේශකවරයාගේ බාල පුතුගේ වයස අවුරුදු එක හමාරක් වන අතර වැඩිමහල් පුතුගේ වයස අවුරුදු 11කි. ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර මොවුන් තිදෙනා ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රාජාංගනය යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් තිදෙනා ඇසුරු කළ හා ඔවුන් සහභාගී වූ මළ ගෙදරක සිටි පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ. එමෙන්ම ඔහුගේ වැඩිමහල් පුතු සහභාගී වු පන්තියක සිටි ළමුන් 70 ක්ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *