කටුනායක සීදුව ආශ්‍රිතව කොරෝනා රෝගීන් ගණන 102ක් දක්වා ඉහළට

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බවත්, ඔවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බවත් එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසා සිටියි.

ඒ අනුව කටුනායක වෙළෙඳ කලාපයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 67 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් බහුතරය සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළවල සිටින අය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *