ඔස්ට්‍රේලියාව ට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි.

ඩේවිඩ් වෝනර් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණි.

වෝනර් ලකුණු 18ක් ලබා සිටියදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා ට පහසු උඩපන්දුවක් ලබා දුන් අතර ඔහුට එය ගිලිහී ගියේය.

පන්දු යවන්නා වූයේ චමීර දුෂ්මන්ත ය.

අරොන් ෆින්ච් ලකුණු 37යි.

වනිඳු හසරංග ලකුණු 22ට කඩුලු 2යි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.

භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33යි.

කුසල් පෙරේරා සහ චරිත් අසලංක ලකුණු 35 බැගින් රැස් කළහ.

ඇඩම් සැම්පා ලකුණු 12ට කඩුලු 2යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *