ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත බ්‍රහස්පතින්දා (28) සිට ලබාදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙම එන්නත් තොගය අනිද්දා දිනය වන විට ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත අතර, එන්නත් ලබාදීම සිදුකෙරෙන ප්රමුනතා අනුපිළිවෙළ සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියා.
‘‘එන්නත් ලක්ෂ 5ම මෙරටට නොමිලේ ලැබෙන්නේ. අවුරුදු 18ට වැඩි අයට තමයි මෙම එන්නත දෙන්නේ. මෙරට සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 18ට වැඩි අය ඉන්නවා. එය සැලකිල්ලට ගෙන තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙළෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.’’ යනුවෙන් පැවසීය