එජාපයට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණ ක්‍රියාමාර්ග ගනී

සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරුන් ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ, පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය විසින් එම තීරණය හකුලා ගත යුතු බවත්, එසේ නැතිනම් මේ සතිය තුළදීම අධිකරණ ක‍්‍රියාමාර්ගයනට එළැඹෙන බවයි. එක්සත් ජාතික පක්ෂය සූදානම් නම් සමගි ජන බලවේගයද විවෘත සාකච්ඡාවකට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *