එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන ඊයේ දිනයේදී

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඊයේ (31) සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මැලේසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 21ක් දෙනෙක් හඳුනා ගෙන ඇති බවත් මෙරටින් එක් දිනක් තුලදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය බවත් සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *