පසුගිය නත්තල් උත්සව කාලයට සමගාමීව මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයාමක් පෙන්නුම් කළේ අදාළ කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපැදි නිසා බවත්, එම තත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි..
යුද හමුදාපතිවරයා මේ බව පවසා සිටියේ කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ යුධහමුදාපතිවරයා මෙසේද පැවසීය.
“දෙසැම්බර් නත්තල් කාලසීමාවෙන් හා ඉන් පසුව තිබුණු දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවලදී. 2020ට පෙර, අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා. මීට අමතරව නිරෝධායන ක්‍රමය සම්බන්ධයෙන් වන දින ගණන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාලසීමාව වෙනසක් වෙන්න තිබෙනවා. එන්නත් 2කම ලබාගෙන දින 14කින් පස්සේ මෙරටට පැමිණෙන අයට නිරෝධායනයකින් තොරව PCR එකකින් පසුව යන ක්‍රමවේදයක් පිළිබඳව උපදෙස් ලබාදීමට නියමිතව තිබෙනවා.”