ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 43ක්

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ COVID -19 රෝගීන් ගණන 43ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙලෙස වාර්තා වූ සියලුම රෝගීන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වේ.

ඒ අතර කුවේට් සිට පැමිණි 6ක්, මාලදිවයිනේ සිට පැමිණි 6 ක්, ඉන්දියානු ජාතික නාවිකයන් 1ක්, එක්සත් අරාබි එමිර් සිට පැමිණි 1ක්, ඉන්දියාවේ සිට පැමිණි 3ක් හා කටාර් සිට පැමිණි 26ක් වේ.

ඊයේ වාර්තා වූ ආසාධිතයින් සමග මෙරට සමස්ත COVID -19 ආසාදිතයන් ගණන 3092ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *