ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 15ක්, මෙරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරසය වැළදුණු තවත් රෝගීන් 14 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මෙම රෝගීන් 14 දෙනා ඊයේ (14) සවස් කාලයේදී සොයා ගැණුනු අතර ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක් වනවා.

මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, අනෙක් රෝගියා පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හදුනාගැණුනු බවයි වාර්තා වන්නේ. තවත් රෝගියකු නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *