ඉන්දියාවේ කොරෝනා පැතිරීම ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ඇතිව මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ඉන්දීය වැසියන් දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතුවල නිරතවන බව පවසමින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

ඉන්දියාව තුළ මේ වනවිට කොරෝනා ආසාධිතයින් 6,771 වාර්තා වී ඇති අතර ඉන් මරණයට පත්වී ඇති ගණන 228ක් වේ. ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව ආසාධිතයින් 809ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් මියගොස් තිබෙන බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *