පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ ඇති සුපිරි වෙළෙද සැලක සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දිනයේදී එහි සේවය කළ සේවක සේවිකාවන් 16 දෙනෙකු PCR පරික්ෂණයන් සඳහා යොමු කළ බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියි. එම පිරිසගේ පරීක්ෂණ වාර්තා ඉදිරි දින දෙක ඇතුළත ලැබීමට නියමිතව තිබේ.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ මෙම සුපිරි වෙළෙද සැලේ එළවලු සහ පලතුරු අංශයේ සේවය කරමින් සිටි සේවකයෙකුයි. මේ වන විට එම සුපිරි වෙළෙද සැල සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියි.
මෙම සේවකයාට වෛරසය ආසාදනය වී ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ෂණ සිදුකරනමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.