2021 වර්ෂයේදී එක් දිනක් හෝ දේශීයව නිෂ්පාදනය කළ ඇඟලුම් ඇඳ සේවයට එන්න – දයාසිරි ජයසේකර

දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය, හා ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය සීමා කිරීම වැනි කරුණු අරමුණු කරගෙන ලබන වසරේ සිට සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කළ ඇඟලුම් භාවිතා කරමින් සේවයට වාර්තාකරන්නැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.

මේ සඳහා මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාගේ සහය තමන් අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *