ඇමැතිවරුන්ටත් වඩා ඉහළින් සිට මෙරට සමස්ත ආර්ථිකයම මෙහෙයවනු ලබන්නේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව පිටුදැකීමේ කාර්යසාධන බළකායේ සභාපතිවරයා වන බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මුදල් ඇමැතිවරයා, වෙළෙඳ ඇමැතිවරයා මෙන්ම ඊටත් ඉහළින් සිට සමස්ත ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඔහු 2010-2015දී ආර්ථිකය විෂය භාරව සිටි අතර රට මහා පරිමාණ ණය උගුලක හිරවීම සහ වංචා-දූෂණ ඉහවහා යෑම සිදුවූයේ එම ආර්ථික ඇමැතිවරයාගේ ධුර කාලයේදී බවත් පැවැසීය.
විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් පොල් ගෙඩිය රු. 110, 120 වැනි මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ආණ්ඩුවේ මිල පාලනයන් ගැසට් වලට පමණක් සීමාවී ඇති බවත්ය.