ඇමති විමල්ගේ මැදිහත් වීමෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය මෙරටදී ඇරඹෙයි

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි. කොරෝනා වෛරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් පුද්ගලික ආයතන⁣යේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ මෙම ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *