ඇමතිවරුන් පගාවට නෑ:කෝටි ගණන් ඉතිරි වෙනවා

ඇමතිවරුන් පගා නොගන්නා නිසා බොහෝ ව්‍යාපෘතිවලින් කෝටි ගණන් ඉතිරි වන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මේ ආණ්ඩුවේ ඇමතිවරුන් හොරකම් කරන්නේ නැතැයිද ඔහු කීය.

පල්ලන් ඔය පාලමෙන් පමණක් කෝටි දෙකක් ඉතිරි වූ බව පැවසූ අමාත්‍යවරයා ඇමතිවරුන් සල්ලි ඉල්ලමින් පස්සේ එන්නේ නැති හෙයින් කොන්ත්‍රාත්කරුවන්ට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මොනරාගල පල්ලං ඔය යකඩ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙම පාලම ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *