කල්පිටිය පොලිස් වසමේ ඒත්තාලය, එරඹුගොඩැල්ල ප්රදේශයේ දී නිදන් ලබා ගැනීමට කැණීම් කළ පුද්ගලයින් 6ක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (08) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී කැණීම් කිරිම සඳහා යොදා ගත් උපකරණ, පූජා භාණ්ඩ හා ලොරි රථයක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නොරොච්චෝලය, ඒත්තාලය, කල්පිටිය හා ග්රෑන්ඩ්පාස් ප්රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අද පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.