ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී යාඥා මෙහෙයකට එක් රැස් වූ 6 කට නඩු

පසුගිය 04 වැනිදා සවස දංකොටුව – මෝරුක්කුලිය ප්‍රදේශයේදී ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නිවසක් තුළ පවත්වාගෙන යන යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට දංකොටුව පොලීසිය කටයුතු කර ඇත.

පසුගිය 04 වැනිදා අදාළ යාඥා මධ්‍යස්ථානය තුළ කිසියම් පිරිසක් ආගමික කටයුතු වල නිරත වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව මේ බව දංකොටුව පොලීසියට දැණුම් දී තිබේ. අනතුරුව දංකොටුව පොලීසිය විසින් වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පිරිස අතර යාඥා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය දේව ගැතිවරයෙකු, ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනාද, පිටස්තර පුද්ගලයෙකුද වන බව පොලීසිය කියයි.

සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *