ඇඳිරි නීතිය ක්‍රියාත්මක රාත්‍රී කාලය තුළ කොළඹ ආරක්ෂාවට බුද්ධි අංශ සහය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක රාත්‍රි කාලයේදී කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල බොහෝ පිරිස් රාත්‍රි කාලය තුල එක් රැස්ව කාලය ගත කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එලෙස රාත්‍රියේ සැරිසරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට බුද්ධි අංශවල සහය ලබා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසා සිටියා.

මේ අතර මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයකට ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *