පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇදිරිනීතිය කඩ කළ පුද්ගලයින් 291ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය ප්රකාශ කළේය.
මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යනාදි කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.