ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන හෙට සිට 15 දින දක්වා වසා තැබේ

මේ වනවටි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන හෙට (13) දිනයේ සිට බ්‍රහස්පතින්දා (15) දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

එම ප්‍රදේශවල උදෑසන සිට රාත්‍රී 8 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැල් විවෘත කර තැබීමටත්, ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමටත් අවසර ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *