ඇදිරි නීතිය පැනවූයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට බව ජනතාව තේරුම්ගත යුතුයි – යුධ හමුදාපති

රට පුරා ඇදිරි නීතිය යොදවා ඇත්තේ කොරෝන වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට බවත් ඒ පිළිබඳව ජනතාව තේරුම් ගත යුතු බවත් COVID 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) උදෑසන ප්‍රකාශ කළේ ය

මෙතෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ අය එකම කොටසකින් පමණයි. අපි තවම තත්ත්වයක ඉන්නවා. ඒ නිසයි රජය මේ ව්‍යාප්ත වීම වළක්වා තිබෙන්නේ.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථන සංඛ්‍යාව 22 දකවා ඉහළ ගොස් තිබෙනවා. 3,063ක් නිරෝධයනය වී තිබෙනවා. ඉන් 31ක් විදේශිකයින්, ඇදිරි නීතිය යොදවලා තිබෙන්නේ ව්‍යාප්තිය වැළැක්වීම්ටයි. 11842ක් ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා. පොලීසිය දිනපතා විමසිල්ලෙන් සිටිනවා.

අපට පාලනය කරන්නේ සැලසුම් සහගතවයි. යුද හමුදාව ත්‍රිවිධ හමුදාවේ එක නිලධරියෙක්ට වෛරසය තිබෙනවා. මේ වන තෙක් එක නිලධාරියෙක් පමණයි ආසාදනය වී තිබෙන්නේ, යැයි ද මාධ්‍ය වෙත වැඩිදුරටත් අඳහස් දක්වමින් පැවසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *