මිනුවන්ගොඩ

ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවල අනවශ්‍ය ලෙස හැසිරුණොත් දැඩි ක්‍රියාමාර්ග

ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවලදී අනවශ්‍ය ලෙස හැසිරුණොත්, දුරස්ථ භාවය තබා නොගෙන කටයුතු කළොත් පොලීසියටත් රජයටත් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පවසා සිටින්නේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ද ඒවා අවභාවිත කරමින් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“යම් යම් කර්මාන්ත වල යෙදෙන බව පවසමින්, සතුන්ට ආහාර දෙන බව පවසමින් ඇදිරිනීති බලපත්‍ර නොමැතිව විවිධ කණ්ඩායම් කටයුතු කරන බවට වාර්තා වී තිබෙනවා. අද එවැනි සිද්ධීන් කීපයක් වාර්තා වුණා. ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන් හෙට දිනයේ සිට ඒ පිළිඹද සොයා බැලීමට කණ්ඩායම් යොදවනවා. එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සදහා යන අයට තම සේවා හැදුනුම්පත අප්‍රේල් 20 වැනිදා දක්වා භාවිතා කිරීමට ඉඩ කඩ ලබා දෙනවා. කෙසේ වෙතත් එම ඇදිරිනීති බලපත්‍ර අවභාවිතා නොකරන ලෙසට ඉල්ලා සිටිනවා.
මින් ඉදිරියට ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවක අනවශ්‍ය ලෙස හැසිරුනොත්, දුරස්ථ භාවය තබා නොගෙන කටයුතු කළොත් අපට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ජනතාවට දන්වා සිටිනවා. එවැනි ප්‍රදේශ වලට මීළගට ඇදිරිනීතිය ලිහිල් කරන දිනයේදී මීට වැඩිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *