ආරක්ෂක අංශ වලින් මිදී ඩුබායි පනින්න ගිය පාතාල සාමාජිකයින් 4ක් කොටු

විදෙස් රටකට පලා යෑමට උත්සාහ කළ පාතාල කල්ලි සාමාජික ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නමිනු හදුන්වල පුද්ගලයා ඇතුළු තවත් පාතාල කල්ලි සාමාජිකයන් සිවුදෙනක් ඊයේ (23) කටුනායක ගුවන් තොටුපොළ මගී පර්යන්තයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලේ සාරාංග නමැත්තා, මෝදර, රොක් හවුස් පටුමගේ පදිංචි අතර විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරුවකුද ලෙසට සැලකේ. ඹවුන් මේ ආකාරයෙන් ඩුබායි බලා පලා යාමට උත්සාහ දරා ඇත්තේ අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් මෙරට ආරක්‍ෂක අංශ විසින් සිදුකරන මෙහෙයුම් වලින් බේරී සිටීමට බවයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් දෙවන සැකකරු සංජීව නමින් හදුන්වනු ලබන අතර ඔහු අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්‍ෂ 29 ක මුදලක් ද ඔහු සන්තකයේ තිබූ බව පොලිසිය පවසයි.

තාබ්දීන් මොහොමඞ් සුබීර් නමැති හංවැල්ල ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකු කොල්ලයේ සැකකරුවකුද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකි. අත්අඩංගුවට ගත් සිව් වන සැකකරු වන ලක්මාල් නමැත්තා විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරුවකු බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *