ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරියකුගේ පවුලේ දෙදෙනෙකුට කොවිඩ්

ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටින්නේ මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බවයි.

එමෙන්ම ඊයේ (18) පැය කිහිපයකට ආමර් විදිය පොලිසිය වසා තබා සම්පුර්ණයෙන් විෂබීජහරණයට ලක් කර ඇති අතර, පසුව වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරින් අනියුක්ත කොට නැවතත් සවස 6.00 ට පමණ යළි එම පොලිස් මුරපොළේ වැඩ කටයතු ආරම්භ කළ බවත් පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *