අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී පිස්තෝලයක් හා උණ්ඩ හමුවේ

ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඒ සදහා භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූයේ අදාළ මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒවා සොයා ගෙන ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ පිළිඹදව විමර්ශනයක් ආරම්භකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *