අවධානයෙන් සිටින්න – පාසැල් ළමුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවන ඉන්හේලරයක්

කොළඹ ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඒ ආශ්‍රිත පාසැල් වල සිසුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මත්ද්‍රව්‍ය අළෙවි කිරීමට යොදාගන්නා ඉන්හේලර් උපකරණයකට සමාන උපකරණයක් පිළිඹදව අවධානයෙන් සිටින ලෙසට පොලිසිය ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කොට සිටී.

පාසැල් ළමුන් ඉලක්ක කරගනිමින් ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය අළෙවි කිරිමට යොදා ගන්නා තවත් සුක්ෂම උපක්‍රමයක් වන මෙම උපකරණය රුපියල් 15000ක් වැනි මිලකට අළෙවි කරන බවට පොලිසියට වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටින්නේ.

මෙවැනි සූක්ෂම උපකරණ පාසැල් සිසුන්ට අළෙවි කරන පුද්ගලයින් පිළිඹද තොරතුරු ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසටත්, පාසැල් ළමුන් සම්බන්ධයෙන් දෙමව්පියන්, ගුරුවරුන් සහ පාසැල් ආශ්‍රිතව රාජකාරි කටයුතු වල නිරතවන නිලධාරින් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *