අර්ජුනගේ ඉල්ලීමට අගමැතිගෙන් සුබවාදී ප්‍රතිචාරයක්

මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවට ඉකුත් කාල සීමාවේ සිදුවූ පරිහානිය ගැන සොයා බැලීමට කොමිසමක් පත්කරන්නැයි ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ශී‍්‍ර ලංකාව ලෝක කි‍්‍රකට් කුසලානය ජයග‍්‍රහණය කර පසුගිය 17 වැනිදාට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් එම ලෝක ශූරයින්ට උපහාර දැක්වීමේ උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වූණු අතර, එම උත්සවය ඇමතූ අවස්ථාවේ හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානිය සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙසයි.

එහිදී වැඩිදුරටත් අර්ජුන රණතුංග මහතා කියා සිටියේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඉදිරියට ගෙන යෑමට නම් කී‍්‍රඩකයන්ට සලකා තිබෙන හැටි, සලකන හැටි සොයා බැලිය යුතු බවත්, මේ යන ක‍්‍රමයට ගමන් කළහොත් කවදාවත් අප රටේ කි‍්‍රකට් මීට වඩා නරක අතට යනවා මිසක් හොඳ තත්ත්වයකට පත් නොවන ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *