දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගමේ හිටපු නියෝජ්‍ය ප්‍රසම්පාදන කළමනාකරු සහ වත්මන් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2016 දී සමාගමේ නියෝජ්‍ය ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී, පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයට අදාළ කාපට් කොන්ත්‍රාත්තුවක් හරහා විත්තිකරු පෞද්ගලික සමාගමකට නීති විරෝධී ලාභයක් සහ ප්‍රතිලාභයක් ලබා දී ඇති බවත්, එමඟින් රජයට රුපියල් මිලියන 8.8 කට වඩා පාඩුවක් සිදු කර ඇති බවත් චෝදනාවල සඳහන් වේ.
ඒ අනුව, අල්ලස් කොමිසම අල්ලස් පනතේ 70(අ) වගන්තිය යටතේ චෝදනා ගොනු කර ඇති අතර, විත්තිකරු දූෂණ වරද සිදු කළ බවට චෝදනා කරයි.


