අප්‍රේල් මාසය තුළදී සිදුවූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 1,959ක්

අප්‍රේල් මාසය තුළදී සිදුවූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 1,959ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට රිය අනතුරු දත්ත වාර්තා අනුව වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ අප්‍රේල් මාසයේදී බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 205 කි.

මීට අමතරව අප්‍රේල් මාසය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1259කි.

වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ බස්නාහිර පළාත තුළය. එය 768කි.

දෙවනියට වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වයඹ පළාත තුළය.

එම පළාත තුළ අප්‍රේල් මාසයේදී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 238කි.

එමෙන්ම අප්‍රේල් මාසය තුළ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේ දී මෙම අනතුරුවලට වැඩි වශයෙන් භාජනය වී ඇත්තේ යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පදවන්නන්ය.

පොලිස් වාර්තා අනුව එම දත්ත විශ්ලේෂණය කර ඇත.

මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව හඳුනාගෙන ඇති තවත් විශේෂිත කරුණක් වන්නේ සතියේ දින 7න් වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුවන දිනය ලෙස සඳුදා දිනය සටහන්වීමය.

එමෙන්ම දහවල් 12ත් රාත්‍රී 8ත් අතර කාලය තුළ රිය අනතුරු බහුල වශයෙන් වාර්තාවීමත් තවත් එක් විශේෂත්වයකි.

එමෙන්ම පසුගිය පැය 24 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුර හේතුවෙන් පුද්ගල පුද්ගලයින් 08 දෙනෙකුගේ ජීවිත අහිමිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *