අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට

නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධි වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි සැකකෙරෙන පුද්ගලයින් සිව්දෙනෙක් වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා රනාල රෝහල පාරේ පදිංචිකරුවන්ය වන අතර ඔවුන් සතුව තිබූ මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, කඩු හතක්, සහ මත්කුඩු ග්‍රෑම් 2ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් කලකට පෙර ඝාතනයට ලක්වු පාතාල කල්ලි සාමාජිකයෙක් වන “සමයන්ගේ“ ගෝලයින් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන්
නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *