අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරු අතර එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.
බන්ධනාගාරය තුළ මේ වනවිට ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවා තිබේ.