අනුරාධපුර බන්ධනාගාරයේ ‌වෙඩි තැබිමෙන් රැඳවියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් බන්ධනාගාර නිලධාරීන් විසින් පාලනය කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය පවසයි. එහිදී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පළා යෑමට උත්සාහ කර ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් ‍රැඳවියන් 8 දෙනෙක් තුවාල ලබා ‍අනුරාධපුර රෝහලට ඇතුළත් කර අතර පසුව එම රැඳවියන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් රැඳවියන් කිසිවෙක් බන්ධානාගාරයෙන් පැන ‍ගොස් නොමැති බව පොලීසිය පවසයි. මෙම විරෝධතාවට හේතු වී ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීමට ගත් පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන්ට පැමිණීමට අවසර නොදීම බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *