අන්තවාදී මත පැතිරවීම හා ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ දෙදෙනෙක් අත්අඩංගුවට

අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවටගෙන තිබේ.

මින් එක් පුද්ගලයෙකු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද ඔහු කටයුතුකර ඇති බව අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි.

මීට අමතරව මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කරනු ලැබූ පුද්ගලයෙකි. ඔහු පාස්කු ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන්ගේ සමීපතමයෙකු බවටද හඳුනාගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ මෙරට අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *