දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය අද (20) සිට අවශ්‍ය නොවන බවත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට සිය රාජකාරී හැඳුනුම්පත පෙන්වා දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නීතිය ඉවත් කිරීමට හේතු වූයේ දුම්රිය සඳහා කලින් ආසන වෙන් කරගත් පිරිස් නොපැමිණීම හේතුවෙන් ගැටලු ඇතිවූ හෙයින් බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වුවද සාමාන්‍ය මගීන්ට දුම්රියේ ගමන් කිරීමට දැනට අවසර නොමැති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.