අද දිනයේ කොරෝනා රෝගීන් 4ක්, මුළු ආසාධිතයින් ගණන 242ක්

අද (17) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ සිව් දෙනාගෙන් තිදෙනෙක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කරමින් සිටි කාන්තාවන් බවට වාර්තා වේ.

මේ අතර කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගීන් 07 දෙනෙක් සුවය ලබා ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 77ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *