අඩු බර ගෑස් සිලින්ඩර විකිණූ වෙළඳසැල් වලට එරෙහි නඬු

වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇති බරට සරිලන ලෙස ගෑස් නොමැති බවට ලැබුණු පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව අද කොළඹ ගෑස් අලෙවිහල් පරීක්ෂාවකට ලක් කළේය.

කිරුලපන, වැල්ලවත්ත, සහ නාරාහේන්පිට ආදී ප්‍රදේශවල ගෑස් වෙළඳසැල් පරීක්ෂාවට ලක්කළ අතර ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් දක්වා ඇති සිලින්ඩරවල ග්‍රෑම් 150 ක පමණ අඩුවක් දක්නට ලැබී තිබේ.

ඒ අනුව එම වෙළෙඳසැල්වලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ලැබීය.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 12.5 ක් තිබූ ගෑස් සිලින්ඩරය “ප්‍රිමියම්” ලෙස හඳුන්වා ලීටර් 18ක් සඳහන් කොට තිබෙන ගෑස් ටැංකිවල බර කිරීම් ද සිදුකළේය.

ඒ අනුව ලීටර් 18ක් අඩංගුව තිබෙන ගෑස් සිලින්ඩරයක බර වූයේ කිලෝ ග්‍රෑම් 9.7කි.

කිලෝ ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් බර අඩුකර ඇති මෙම ගෑස් ටැංකියක මිල අඩුකර ඇත්තේ රුපියල් සීයක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *