අඩු ආදායම් පුද්ගලයන් සඳහා රජයෙන් රු. 7500 දීමනාවක්…

ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් ජනතාවට ජූලි මාසයේ සිට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදෙන බවයි. ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට රුපියල් 7500ක් ලබා දෙනවා.

ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක අරමුදලක් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200 ක අරමුදලක් හරහා මෙම දීමනාව ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දීමනාව සඳහා සුදුසුකම් ලබන අය අතර සමෘද්ධි ප්‍රතිලාභීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ වෛද්‍ය සම්බන්ධ අය ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *