මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම නිසා හුදකලා කර තිබුණු බණ්ඩාරගම, අටලූගම ප්‍රදේශය අද (14) හුදකලා කිරීම අවසන් කෙරුණා. අටලූගම ප්‍රදේශය හුදකලා කෙරුණේ පසුගිය මාර්තු මස 27 වැනිදායි.
නිරෝධායනයට යොමු කර සිටි පිරිසෙන් පමණක් ගතවූ සතියේදී කොරෝනා ආසාදිතයින් හමුවූ බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.