ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන හෙවත් “අංගොඩ ලොක්කා” ලෙසින් හදුන්වන චන්දන ලසන්ත පෙරේරාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් ඊයේ (30) සොයාගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්රදේශයේදීයි.
පොලීසිය සදහන් කරන්නේ නාවලමුල්ල ඌරු කොටුවක කූඩුවක රදවා සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් සමග එම උකුස්සා අත්අඩංගුවට ගත් බවයි. ඒ සමගම එහි සගවා තිබූ වායු රයිෆලයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය පවසන්නේ මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණු කළ බවට සැක සහිත බවයි.