අංගොඩ ලොක්කාගේ උකුස්සෙකු මීගොඩින් හමුවෙයි

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන හෙවත් “අංගොඩ ලොක්කා” ලෙසින් හදුන්වන චන්දන ලසන්ත පෙරේරාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් ඊයේ (30) සොයාගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේදීයි.

පොලීසිය සදහන් කරන්නේ නාවලමුල්ල ඌරු කොටුවක කූඩුවක රදවා සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් සමග එම උකුස්සා අත්අඩංගුවට ගත් බවයි. ඒ සමගම එහි සගවා තිබූ වායු රයිෆලයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය පවසන්නේ මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණු කළ බවට සැක සහිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *