සහල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය විසින් නියම කර තිබේ.
ඒ අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙසත්, සුදු සහ රතු සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් ලෙසත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් ලෙසත් මිල නියම කර තිබේ.
මෙම මිල ගණන්වලට වඩා වැඩි මුදලට සහල් අලෙවි කිරීම මෙන්ම වෙළඳාම සඳහා ප්රදර්ශනයකිරීම තහනම් වන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටී.