ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු අතර හමුවක් අද කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබේ.
දෙරට අතර පවතින ගැඹුරු ඓතිහාසික, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතා පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු වී ඇත.
දෙරටේම අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා සමීප, ඵලදායී සහ අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එමෙන්ම, කලාපීය වර්ධනයන් සහ දෙරටට අදාළ කරුණු පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ඉන්දියානු සාගර කලාපයේ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
අන්‍යෝන්‍ය ගෞරවය, ස්වෛරී සමානාත්මතාව, විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ ශක්තිමත් හා දෙරටටම ප්‍රතිලාභදායක සබඳතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම සජිත් ප්‍රේමදාස මහතා යළි අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සෑම මට්ටමකදීම අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙම හමුවේදී යළි තහවුරු වී තිබේ.


