කොළඹ සාහිත්‍ය උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ලේඛක සහ දේශපාලනඥ ආචාර්ය ෂෂී තරූර් මහතා කොළඹ මහජන පුස්තකාලයේ සංචාරයක නිරත වී තිබේ.
කොළඹ මහ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය සඳහන් කළේ, කොළඹ මහජන පුස්තකාලයට ආචාර්ය ෂෂී තරූර් මහතා පිළිගැනීමට ලැබීම පිළිබඳව සතුටු වන බවයි.
ඇය ඔහු සමඟ පුස්තකාල කෞතුකාගාරය සහ “Archive of Memory” ප්‍රදර්ශනය නැරඹීමට එක්වූ බවද සඳහන් කළාය.
සාහිත්‍ය ක්ෂේත්‍රයට ආචාර්ය ෂෂී තරූර් මහතා ලබා දී ඇති වැදගත් දායකත්වය සැලකිල්ලට ගනිමින් මෙම සංචාරය විශේෂ අවස්ථාවක් බව නගරාධිපතිවරිය පැවසුවාය.
කොළඹ නගරයේ වටිනාම පොදු ආයතනවලින් එකක් වන මහජන පුස්තකාලයට ඔහුව පිළිගැනීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


