දියර

ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් සපුරාලන්නේ 43%ක් පමණයි – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් දේශීයව සපුරාලනු ලබන්නේ සියයට 43ක් පමණක් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම නිකවැරටිය අභිජනන ගොවිපළ සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර, එය උසස් තත්ත්වයේ කිරි ගවයන් සහ මීගවයන් බෝ කිරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තවත් වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ඒ අනුව, පශු සම්පත් අභිජනන ගොවිපළ නවීකරණය කිරීම, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන පුළුල් කිරීම සහ දේශීය කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *