හෙරොයින් කිලෝග්‍රෑම් 99කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කිරීමට සැලසුම්

අධිකරණ කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්  විනාශ කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය පුත්තලම, ලක්තොටවත්ත, වනාතවිල්ලුව දහන මධ්‍යස්ථානයේදී දහනය කර විනාශ කිරීමට නියමිතය.

පොලිසිය සඳහන් කළේ, මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක තොගය මෙන්ම, දිවයින පුරා අධිකරණ විසින් විනාශ කරන ලෙස නියෝග කර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ භාරයේ පවතින අනෙකුත් මත්ද්‍රව්‍යද මෙම තොගයට ඇතුළත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට උදෑසන මාරවිල අධිකරණ සංකීර්ණයේ සිට වනාතවිල්ලුව දහන මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර අනතුරුව විනාශ කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *